මොහොමඩ් මුජර්ඩින් අත්අඩංගුවට ගැනීමට පොලිස් දැල එලයි

මොහොමඩ් මුජර්ඩින් අත්අඩංගුවට ගැනීමට පොලිස් දැල එලයි

රටවල් රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මහා පරිමානයේ ඡාවාරමක නිරතව සිටින ප‍්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන සෙල්වම් චිත‍්‍රපටයේ නිෂ්පාදක මොහොමඩ් මුජර්ඩින් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිස් දැලක් මේ වනවිට එලා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඔහු මේ වන විට මලයාසියාවේ සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික් යන මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේත් ප‍්‍රධානියා වන මෙම පුද්ගලයා මෙරට ආරක්‍ෂක බලධාරීන් රැසක්ම ළගින් ඇසුරු කල අයෙකි.

කටුගස්තොටදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 59 යේ හිමිකරුවන්නේද එම පුද්ගලයා බව අනාවරණය වී තිබේ.

තේ පෙට්ටි අතර සගවා රටවල් වලට එම හෙරොයින් ප‍්‍රවාහනය කිරීමට සූදානම්කර තිබුණි.

ළගදීම මෙම ජාවාරම්කරුව වෙලේ සුදා සහ සිද්ධීක් මෙන්ම අල්ලාගෙන මෙරටට ගෙන ඒමට හැකි වෙතැයි පොලිස් මූලස්ථානය අපේක්‍ෂාකරයි.

සෙල්වම් චිත‍්‍රපටයට 2011 වසරේ මලයාසියාවේදි පැවැති යූ.ඩි.සී. සම්මාන උළෙලේදී ලොව නැගී එන හොදම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකට හිමි සම්මානය එහි අධක්‍ෂ සංජය ලීලාරත්න සහ නිෂ්පාදකට හිමි සම්මානය මොහොමඞ් මුජර්ඩින් ලැබිණ.

Share this: