සඳුදා (10) මොරටුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් වෑන් රථයක් ගැටීමෙන් පාපැදිකරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ වෑන් රථය පාපැදිකරුගේ සහ මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදිකයින් පිරිසකගේ ද ගැටීමෙන් පසු නතර වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර ඇත.
අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share this: