මොනවද මේ විෂබීජ ? (Germs)

මොනවද මේ විෂබීජ ? (Germs)

මොනවද මේ විෂබීජ ? (Germs)
මොනවද මේ වසංගත/ බෝවන රෝග? (Communicable diseases)
මොනවද මේ ප්‍රතිජීවක ‍ඖෂධ? (Antibiotics)

මේ සියල්ල කතා කරන්නේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යටතේ. අද ඉඳන් පටන් ගන්න මේ වෛද්‍ය තීරුවෙන් මුල ඉඳන්ම මේ දේවල් ගැන ඔබට මූලික දැනුමක් ලබා ගන්න පුලුවනි.
විෂබීජ (Germs) අප ක්ෂුද්‍ර ජීවීන්(Microorganism) ලෙස හඳුන්වනවා.ඔවුන් කාණ්ඩ කිහිපයක් සිටිනවා. එනම්‍‍,

• බැක්ටීරියා (Bacteria)
• වෛරස (Virus)
• ප්රොටටොසෝවා (protozoa)
• දිලීර (Fungi)

ක්ෂුද්‍ර ජීවීන් අපට පියවි ඇසින් බලන්න බැහැ. අන්වීක්ෂයක් (Microscope) අවශ්‍ය වෙනවා. මේ ඕනෑම ජීවීයෙකුට මිනිස් සිරුරේ රෝග ඇති කළ හැකියි. නමුත් සියළුම ක්ෂුද්‍ර ජීවීන් රෝග කාරක වන්නේ නැහැ. බොහොමයක් ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට ප්‍රයෝජනවත් වෙනවා. රෝග කාරක වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.

අප මුලින්ම බැක්ටීරියාවන් ගැන කතා කරමු‍. බැක්ටීරියාවක් යනු එක් සෛලයක් පමණක් ඇති ජීවියෙක්. මොවුන් විවිධ රූපාකාර වලින් සිටිනවා (රූපය 01). ප්‍රමාණය මයික්‍රොමීටර (µm) 0.22 සිට 3-4 අතර පමණ වනවා. රූපය 02 මගින් බැක්ටීරියාවක දළ රූප සටහන දක්වා තිබෙනවා. මිනිස් සිරුරේ මිනිස් සෛල ප්‍රමාණයට වඩා බැක්ටීරියා සෛල ප්‍රමාණයක් තිබෙන බව ඔබ දන්නවාද?

මොවුන් අපගේ සම මතුපිට, ආහාර මාර්ගයේ ඇතුළු බොහෝ තැන්වල පැතිරී සිටිනවා.

diagram_01

රූපය 01

320px-Average_prokaryote_cell-_en.svg

රූපය 02

රෝග කාරක බැක්ටීරියාවන් සිරුරට ඇතුළු වී රෝග ඇති කිරීමට ප්‍රතිරෝධී වීම, ඇතැම් විටමින වර්ග නිපදවීම වැනි තවත් බොහෝ ප්‍රතික්‍රියා මගින් අපගේ නිරෝගී ජීවිතයට ඔවුන් අත්‍යාවශ්‍යම ‍වෙනවා.

අපට රෝග කාරක වන බැක්ටීරියා කාණ්ඩ ගණනාවක් සිටිනවා. එයින් බහුලව හමුවන ප්‍රධාන බැක්ටීරියා විශේෂ කිහිපයක විද්‍යාත්මක නාම පහතින් දක්වා තිබෙනවා.

Staphylococcus aureus (Staphylococcus)

Streptococcus pyogenes ( Group A streptococcus)
Streptococcus pneumoniae (Pneumococcus)
Streptococcus agalactiae (Group B streptococcus)
Escherichia coli
Pseudomonas aeruginosa
Proteus mirabilis
Klebsiella pneumoniae
Mycobacterium tuberculosis
Salmonella typhi
Salmonella paratyphi
Non typhoidal Salmonella spp
Shigella spp
Campylobacter jejuni
Corynebacterium diphtheriae
Listeria monocytogens
Mycoplasma pneumoniae

 

Dr. M. A.I.Asanthi,
Senior registrar ( Medical Microbiology),
National hospital , Colombo,

Share this: