මොණරාගල සමූහ දූෂණයට ලක්වූ දැරිය ගේ සිද්ධිය සගවන්න දේශපාලනඥයන්ගෙන් බලපෑම්.

මොණරාගල සමූහ දූෂණයට ලක්වූ දැරිය ගේ සිද්ධිය සගවන්න දේශපාලනඥයන්ගෙන් බලපෑම්.

මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල බල ප්‍රදේශයේ වයස අවුරුදු 12ක පාසැල් දැරියක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර එම සිද්ධිය සමාජයට සගවන ලෙස පළාතේ ප්‍රබල දේශපාලන අපේක්ෂකයෙක් හා කලක් තිස්සේ ප්‍රදේශයේ කාන්තාවන් ගෙන් ලිංගික අල්ලස් ලබා ගනිමින් දේශපාලනයේ නිරතවන තවත් දේශපාලන වන්දිභන්ඨක අපේක්ෂකයෙකු සම්බන්ධවී ප්‍රදේශයේ පොලිසියට ද බලපෑම් කරන බව තොරතුරු ලැබී ඇත.

සෙවනගල/කිරි ඉබ්බන් වැව හා ඒ අවට ප්‍රදේශ වල ප්‍රාදේශිසභා වල නියෝජිතයින් මෙම දේශපාලන නායකයනට ට ඇති බිය නිසා දුෂණයට ලක් වූ දියණියගේ දෙමව්පියන්ට සහ ඥාතීන්ට බලපෑම් කරමින් බිය ගන්වමින් සිටී.

එම දේශපාලනඥයෙක් උපදෙස් මත ඔවුන් දෙමව්පියන්ට සහ ඥාතීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සැඟවීමට රුපියල් ලක්ෂ පහක (500000) මුදලක් ලබාදෙන බවත් එතැ සිට ඉදිරියට මෙම සිද්ධිය දිගින් දිගට ගෙන යාම නතර කරන ලෙසත්ය.

දේශපාලන අධිකාරියෙන් ලැබෙන මරණ තර්ජන හා බලපෑම් ඔස්සේ එම දැරියගේ දෙමව්පියන් සහ ඥාතීන් අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇත.

කෙසේ වෙතත් ජන මාධ්‍ය මගින් මෙය හෙළිදරව් වීමත් සමග ප්‍රදේශයේ පොලීසියට ක්‍රියාත්මක වීමට සිදුවී ඇත.

මෙහි වන විටත් සෙවනගල පොලිසිය සිද්ධියට අදාළ පුද්ගලයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.

දේශපාලන බලය මුවාවෙන් නීතිය අව භාවිතා කිරීමට උත්සාහ කරන මෙවැනි දේශපාලන නායකයින් සිටින තුරා පුංචි මල් කකුලුවන් අපේ දරු දැරියන් ගේ අනාගතය පියමන් කරන්නේ කොයි දෙසටද….?

බුද්ධිමත් ජනතාවනි…
තීන්දුව ඔබට බාරයි.

Share this: