මෛත්‍රී – මහින්ද හමුවේදී කරුණු 5ක් ගැන අවධානය!

මෛත්‍රී – මහින්ද හමුවේදී කරුණු 5ක් ගැන අවධානය!

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුනු අතර, මෙම සාකච්ඡාවට දෙපාර්ශවයේම නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර අද පැවැති සාකච්ඡාව සාර්ථක වූ බවක් පෙනෙන්නට ඇති බවක් බවයි.

තවද, මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡාවට ලක්වූ බව ඒ මහතා පැවසී.

මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රස්නයක් නම්, ඉදිරියේදී මෙවැනිම හමුවක් පැවැත්වීමට නියමිතදැයි යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම්විට එසේ සිදුවිය හැකි බවයි.
මේ අතර එකී සාකච්ඡාව ගැන ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය ‍නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එහිදී විශේෂ කරුණු 5ක් ගැන අවධානය යොමු වූ බවයි.

එම කරුනු නම්:

1 ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය

2 පළාත් පාලන ආයතන විසුරුවා හැරීම

3 ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම

4 අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම

5 විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලනීකරණය වීම යනදියි.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, අද සාකච්ඡා‍වේදී අවධානය යොමු කළ සියලු කරුණු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ මහචාර්ය ජී.ඇල් පීරිස් අද සාකච්ඡාවට සහභාගි වී සිටි බව එහි සඳහන්ය.

Share this: