මෛත්‍රී-මහින්ද සාකච්ඡාව බඳාදා පස්වරු 1.30 ට..

මෛත්‍රී-මහින්ද සාකච්ඡාව බඳාදා පස්වරු 1.30 ට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව හෙට(06) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ පාර්ශවය නියෝජනය කරමින් සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා හෝ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම,කුමාර වෙල්ගම,බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් සහභාගිවන බව
ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා පවසයි.

Share this: