මෛත්‍රී – මහින්ද අද හමුව අසාර්ථකයි

මෛත්‍රී – මහින්ද අද හමුව අසාර්ථකයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ අතර අද පැවැති සාකච්ඡාවේදී අවසාන වශයෙන් පූර්ණ තෘප්තිමත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි.

නමුත් මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව හිටපු ජනපතිගේ පාර්ශවය නියෝජනය කළ ඒ මහතා අද පැවති සාකච්ඡාව අවසානයේ ප්‍රකාශ කළහ.

නමුත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, එම සාකච්ඡා සාර්ථක වූ බවයි.

වත්මන් ජනපතිගේත් හිටපු ජනපතිගේත් පාර්ශව අතර අද පැවැති සාකච්ඡාවේදී කරුණු 5ක් ගැන අවධානය යොමු කෙරුණු බව වාර්තා කෙරිණ.

Share this: