මෛත්‍රී පිල හා මහින්ද පිල තැන් දෙකක සාකච්ඡා..

මෛත්‍රී පිල හා මහින්ද පිල තැන් දෙකක සාකච්ඡා..

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහයෝගය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (03) රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ කොළඹ නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

දේශපාලන ආරංචි කියනුයේ රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට එකඟ වීම ගැන මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ස්තුති කිරීමේ යෝජනාවක් එහි දී සම්මත කර ගත් බවයි. එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී සන්ධානය ජයග්‍රහණය කර වීමේ යෝජනාවක් සම්මත කර ගත් බව ද එම ආරංචි සඳහන් කරයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් ද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දැනගන්නට තිබේ.

සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කළැයි කියන නිවේදනය ගැන ජනපතිගේ ස්ථාවරය විමසීමට ජනපති මාධ්‍ය අංශය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ව්‍යර්ත විය.

Share this: