මෛත්‍රී පැරදුනානම්, අද මෛත්‍රී ජිවතුන් අතරත් නැ – ඇමති අකිල විරාජ්

මෛත්‍රී පැරදුනානම්, අද මෛත්‍රී ජිවතුන් අතරත් නැ – ඇමති අකිල විරාජ්

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුයේ මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනපතිවරණයෙන් දින්නා නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට අඩි 6ක් පො‍ෙළාව යට බවයි.

තවද ඔව්හු පැවසුයේ, එසේ වුවානම් මෛත්‍රිපාල සිරිසේන මහතාට උදව් කළ අයට රට හෝ ජීවිත හැර දමා යන්නට සිදුවන බවද සිරිකොතදී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

පසුගියකලේ මෛත්‍රිපාල සිරිසේන මහතාට බැණ වැදුණ පිරිස් දැන් ඔහු අපේ නායකයා යැයි කියමින් සිටින බවද පැවසූ කාරියවසම් මහතා ඒ ගැන තැවෙන්නේ නැති බවද පැවසීය.

ජාතික පක්ෂයට එල්ල වී ඇති තවත් චෝදනා වක් නම් රාජපක්ෂවරු රකින බවයි.
නමුත් අපි රාජපක්ෂවරු රකින්නේ නැති බව පැවසු අකිල විරාජ් කාරියවසම් මහතා චූදිතයින්ට‍ දඬුවම් දෙන බවත්, ඒවා ඉදිරියේදී බලාගන්න පුළුවන් බවත්, පැවසීය.

තවද ඒ මහතා පැවසුයේ, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු ජාතික ආණ්ඩුවකට යාමට ඉඩ ඇති බවත්ය,

තවද යාපනයේ හා ආරුගම්බේ ඉදිවෙමින් පැවැති ජනාධිපති මන්දිර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා යැයි කීවත් එවැනි කතා පිළිගැනීමට ජනතාව මෝඩ නැතැයිද ඒ මහතා පෙන්වාදුන්නේය

සුදුවෑන් සංස්කෘතියක් නැති බවත්, අද මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බවත්, මෙගා ඩීල් කාරයින් ගැන හොයන්න ජාත්‍යන්තර සහය ලබාගන්නා බවද, දින 100 වැඩපිළිවෙළ තුළ මේ දිනවල බොහෝ දේවල් කර ඇති බවද, තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත්, ඔව්හු පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය, ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලි පිරිසක් නාමයෝජනා ඉල්ලා ඇතැයි ද ඒ ගැන සලකා බලන බවයි.

Share this: