මෛත්‍රී ජනාධිපති සහ මහින්ද අගමැති විය යුතුයි – ගෝඨාභය රාජපක්ෂ

මෛත්‍රී ජනාධිපති සහ මහින්ද අගමැති විය යුතුයි – ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි, ශ්‍රී ලංකා රජය සක්‍රීයව ඉදිරියට ගමන් කිරීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකට අත්වැල් බැඳගත යුතුව ඇති බවයි.

ඔහු New Indian Express පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පෙන්වාදුන්නේ, මේවන විට පවත්නා දේශපාලන අවුල් ජාලය සහ ආර්ථිකයේ එකතැන පල්වීමේ ස්වරූපය නිමා කිරීමට එය ඉවහල්වනු ඇති බවයි.

ඉදිරි වසර 6ක කාලය සඳහා රටේ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විසින් තෝරාපත් කරගෙන ඇති බැවින් ඔහු එකී කාලය ධූරය දැරිය යුතු බව රාජපක්ෂ මහතා කියා සිටි අතර, එසේ වුවද ජනාධිපතිවරයා විසින් ඉක්මනින්ම මහමැතිවරණයක් කැඳවා අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතුව ඇති බවත්, ශ්‍රී ලංකා රජයට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ එවැනි අත්වැල් බැඳගැනීමකින් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

තවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේ, එක් පසෙකින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයේ කටයුතු කරන බවත්, අනෙක් පසින් චන්ද්‍රිකා කුමාරතුංග, චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අයද රජයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන බවතය.

නමුත් රටේ මිනිසුන්ට රජයක් ක්‍රියාත්මක වන බවක් නොවැටහෙන බවත්, රාජපක්ෂ රජය යුගයේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති මේවන විට ඇණහිට ඇති බවත් ඔහු සඳහන් කළේය.

තවද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතව සිටි ලක්ෂයක පමණ කම්කරු සේවක පිරිසකට ස්වකීය රැකියා අහිමිවී ඇති බවද අප වාර්තාකරු පවසයි.

Share this: