මෛත්‍රී කළේ සාපරාධී පාවාදීමක්

මෛත්‍රී කළේ සාපරාධී පාවාදීමක්

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නාමයෝජනා ලබාදීමට එකඟවීම ඔහුව ජනපති කිරීමට ඡන්දය දුන් 62ලක්ෂයක් ජනතාව අඩි 6ක් පොළොවෙන් යටට යැවීමට ගත් සාපරාධී පාවාදීමක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබානොදෙන ලෙසට බලකරමින් කොළඹ කොටුවේදී ඊයේ(03) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ.

එය සංවිධානය කර තිබුණේ පුරවැසිබලය හා වෘත්තීය සමිති කිහිපයක එකමුතුවෙනි.

එහිදී සරත් විජේසූරිය මහතා ඉහත අදහස් පළ කළ අතර එම අවස්ථාවේ අදහස් දැක්වූ දීපානි සිල්වා කලාකාරිණිය කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් ජනතාවට කළ අසාධාරණයක් බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට විරෝධය පළ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නි‍යෝජනය කරමින් සහභාගි වූ සමන් රත්නප්‍රිය මහතා ද එහිදී පැවසුවේය.

Share this: