ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
මෙය ඊයේ පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම පත්කිරිම සිදුකර ඇති බව වාර්තාවෙයි.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේද සභාපතිවරයා වශයෙන් පත් කෙරෙන අතර ඊට සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවිය යුතු වෙයි.
ඒ අනුව අදාළ අනුමැතිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ලබාදී තිබේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායකවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර ඇති බවද වාර්තාවෙයි.
Share this: