මෛත්‍රීගේ චීන සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්!

මෛත්‍රීගේ චීන සංචාරයේදී ගිවිසුම් කිහිපයකට අත්සන්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරයක නිරතවිමත නියමිතව තිබව ජනාධිපති කාර්යාලය පවසි.

එම සංචාරය තුළදී දෙරට අතර වැදගත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබන බව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු ජි අන්චාඕ මහතා පවසයි.
මේ වන විට චීනයේ සංචාරයක නිරත වන මෙරට මාධ්‍ය කණ්ඩා‍යම චීනයේ බීජිං නුවරදී නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකදී මේ පිළිබඳ අනාවරණය වුණි.

මේ අතර එම මාධ්‍ය කණ්ඩායම අද ශ්‍රී ලංකාවට ණය දෙන චීනයේ ඉහළම මුල්‍ය ආයතන දෙකෙහි නියෝජිතයන් සමඟ ද සාකච්ඡාවක් පැවැත්විය.

ඒ අනුව චීන සංවර්ධන බැංකුව සහ චීන අපනයන හා ආනයන බැංකු නියෝජිතයින් එහිදි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමේදි, ලංකාව සමග කිසිම රහස් කොන්දේසි නොමැති බවයි.

තවද මෙරටට ලබාදෙන ණය සඳහා ඉහළ පොලියක් අයකරන බවට පළ වන වාර්තා අසත්‍ය බවද එම නිලධාරින් ප්‍රකාශ කර තිබේ.

Share this: