හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක අමාත්‍ය හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කර නොමැති නිසා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් කෝටි 10ක්, හිටපු පොලිස් කොමසාරිස් පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවා බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක අමාත්‍ය හේමසිරි ප්‍රනාන්දුට රුපියල් කෝටි 5 බැගින්ද, හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස්ට රුපියල් කෝටි 10 බැගින්ද සිය පෞද්ගලික මුදලින් වන්දිය ගෙවන ලෙසට ද නියෝග කෙරිණි.
ඊට අමතරව රජය විසින් මිලියනයක වන්දියක් ගෙවිය යුතු බවද එම තීන්දුවේ සඳහන් විය.