මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව සියළු දිස්ත්‍රික්කවල නාමයෝජනා ලැයිස්තු මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මෙහොමඩ් මහතා සඳහන් කළේය.
තවද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීම පසුගිය 06 වනදා ආරම්භ වූ අතර එය ඊයේ මධ්‍යහන 12න් අවසන් වුණි.
දිස්ත්‍රික් කිහිපයක ඇතැම් නාමයෝජනාවල තිබූ අඩුපාඩු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසු අතර, ඒ අනුව පිළිගත් නාමයෝජනා පත්‍ර සියල්ල සලකා බලා දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ අපේක්ෂකයිට අදාළ මනාප අංක නිකුත් කිරීමේ කටයුතු සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: