මේ සතියේ අතුරුදහන් වූවන් ගැන හොයන ලකුණු

මේ සතියේ අතුරුදහන් වූවන් ගැන හොයන ලකුණු

මෙම සතිය තුළ අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු සඳහා පත්කිරීමට නියමිත කණ්ඩායම් 04, පත්කරනු ඇති බව එම කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම මහතා සඳහන් කළේ මීට අදාළ තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදී ඇති බවයි.

ඒ අනුව අදාළ පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිත අතර, කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තාවක් පසුගියදා ලබා ඇත.

තවද එම වාර්තාව මගින් අදාළ පරීක්ෂණ කණ්ඩායම් පත්කළ යුතු බවට නිර්දේශ කර තිබුණි.

කණ්ඩායම් 04 ක් පත්කළ යුතු බවත් ඒ සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කළ යුතු බවත් එම කොමිසම ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම සතිය තුළ අදාළ කණ්ඩායම් පත්කරනු ඇති බවට විශ්වාසය පළකරන කළකර ඇත.

අදාළ විමර්ශන කණ්ඩායම් විසින් පැමිණිලි 16,000 ක් පමණ විමර්ශනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව තවදුරටත් සාක්ෂි ලබාගැනීමේ කටයුතු සිදුකරන බව ද කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම මහතා වැඩිදුරටත් පැවයි.

Share this: