මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 47,353 කි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය 01 වැනිදා සිට 15 වැනිදා දක්වා එම සංචාරකයින් පිරිස දිවයිනට පැමිණි බවයි.
අදාළ කාලය තුළ රුසියාවෙන් පැමිණි විශාලතම සංචාරක කණ්ඩායම 12,064 කි.
ඊට අමතරව ඉන්දියාවෙන් 5,838ක්, ජර්මනියෙන් 3,945ක්, එක්සත් රාජධානියෙන් 3,862ක් සහ ප්‍රංශයෙන් 2,241ක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ මාසයේදී සංචාරකයින් 105,000ක් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Share this: