මේ වසරේ පුංචි ඡන්දය බෑ

මේ වසරේ පුංචි ඡන්දය බෑ

පළාත් පාලන මැතිවරණය මේ වස‍රේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක‍ට එක් වෙමිනි.

ඒ මහතා පෙන්වා දී ඇත්තේ සීමා නිර්ණය කොමිසමේ වැඩකටයුතු තවමත් නිසි ආකාරව සිදු වී නොමැති නිසාවෙන් මේ වසර තුළදීද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම පොදු විපක්ෂය සෑම අවස්ථාවකදීම විවිධ දෑ ප්‍රකාශ කරමින් වත්මන් ජනාධිපතිවරයාට චෝදනා කරන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පවසයි.

හුසේන් කුමරුගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පොදු විපක්ෂය ගෙන ගිය චෝදනාවන් සියල්ල අසත්‍ය ඒවා බවත්, හුසේන් කුමරු ප්‍රකාශකර සිටියේ යුධ අපරාද සිදු වී ඇත්නම් ලාංකාව තුළ ඇති යාන්ත්‍රණයක් ඔස්සේ එයට පිළිතුරු සෙවිය යුතු බවත්, බව ඒ මහතා පෙන්වා දී තිබේ.

තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඇතැම් පාර්ශව විසින් කාලෙන් කාලෙට සිදු වන සිදුවීම් වලට මුවා වෙමින් ජාතිවාදය අවුස්සන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපතිවරයාට වැරදුනු බවත් තවමත් ඔහු ගමන් කරන්නේ වැරදි පාරේ බව අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා පෙන්වා දී තිබේ.

ඇතැම් පිරිස් විසින් නව පක්ෂ ඇති කිරීමට උත්සහ දරණ බවත් නමුත් සුළු ජාතීන්ගේ සහයෝගීතාවයකින් තොරව එම පක්ෂ වලට දේශපාලනික වශයෙන් ඉදිරියට ගමනක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

Share this: