මේ ආණ්ඩුවෙන් සිදුකරන මර්දනයට එරෙහිව ළඟදීම සජබෙ පාරට බහිනවලු!

මේ ආණ්ඩුවෙන් සිදුකරන මර්දනයට එරෙහිව ළඟදීම සජබෙ පාරට බහිනවලු!

වර්තමාන ආණ්ඩුව කැබිනට්ටුව රැස්කොට අපුරු තීන්දුවක් ගන්නා බවත්, ඒ තීන්දුව වන්නේ ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට ප්‍රකාශයට පත් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය ඛේදනීය තත්ත්වයක් බවත් මැදි ආදායම් ලබමින් සිටින රට අඩු ආදායම් ලබන රටක් බවට කැබිනට් මණ්ඩලය විසින්ම පත් කර ගැනීම ඉතිහාසගත සරදමක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ වන විට පත්වන ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ ගේ බසට අනුගත විය යුතු යැයි ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා(12) මේ බව ප්‍රකාශ කර සිටියේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්ය

Share this: