යාපනය, පුංකුඩිතිව් හි 18 හැවිරිදි පාසල් සිසුවියක සමූහ දූෂණයකට ලක් කළ බව කියන පුද්ගලයින් 9 දෙනාට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ වැසියන් පිරිසක් ඊයේ යාපනය උසාවියට මෙන්ම පොදු දේපළවලට හානි කළේය.
එම සිද්ධිය සිහිපත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේසේ පැවසීය.
උතුරේ පසුගියදා ඇතිවුවා වැනි සිදුවීම යළි නොවීමට සෑම පාර්ශවයක්ම කටයුතු කළ යුතු බවයි.
තවද, ඔහු පවසන්නේ මෙවැනි සිදුවීම් යළි සිදුවුවහොත් එය අනාගතයට අයහපත් පුර්වාදර්ශයක් වනු ඇති බවයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, මහියංගණය ප්‍රදේශයේ විහාරස්ථානයේ ආගමික් උත්සවයකට සහභාගී වෙමිනි.
Share this: