හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසන්නේ, යහපාලනයක් දින සියයක් ඇතුළත ක්‍රියාත්මක වෙනවා නම් එය ලෝක දේශපාලන ඉතිහාසය අමුලික බොරුවක් බවයි.
කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
තවද, යහපාලනය කියන දේ ජීවිත කලයකින්වත් ක්‍රියාත්මක කළ නොහැකි බවද සඳහන් කල ඒ මහතා, තවදුරත් කියාසිටියේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා බොහෝම කණගාටුවෙන් වුවද එම අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ප්‍රකාශ කළ බවත්ය.
නමුත් හිටපු ජනාධිපති නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම තමා දැඩි ලෙස විරුද්ධ වු බවත් ඔහු එම අවස්ථාවේදී සඳහන් කර සිටියේය.
Share this: