නොමිලේ අන්තර් ජාලපහසුකම් සපයාදෙන වයිෆයි දන්සල් දෙකක් වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹදී සහ මාතරදී සක්‍රිය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රිය කරන ප්‍රථම අවස්ථාව මෙය වන බව ද නියෝජිතායතනය පවසයි.
මේ අනුව කොළඹ වයිෆයි දන්සල ලේක් හවුස් සදහම් වෙසක් කලාපයේ ද මාතර මහජන පුස්තකාලය සහ රෝහල් පරිශ්‍රය ආවරණය කරමින් මාතර වයිෆයි දන්සල ද ස්ථාපිත කෙරේ.
තවද, මේවන විට දිවයිනේ දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි වයිෆයි කලාප අසූ තුනක් ස්ථාපිත කර ඇත.
Share this: