මෙවර ජාතික ක්‍රීඩා උළෙල යාපනයේදී

මෙවර ජාතික ක්‍රීඩා උළෙල යාපනයේදී

අද (27) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, මීළඟ ජාතික ක්‍රීඩා උළෙල යාපනය නගරයේ පැවැත්වීමට කටයුතු කරන බවයි. 

තවද, උතුරු පළාතේ තෙදින සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන් සමඟ අද දින සාකච්ඡාවකට ද එක්වූහ.

යාපනයේ ධීවර ප්‍රජාව සමඟ, ධීවර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතය.

ඒ අනුව, හෙට(28) දින අග්‍රාමාතවරයා ඩෙල්ෆ් දුපතේ සංචාරයක නිරත වන අතර අනිද්දා (29)දිනයේදී කිලිනොච්චිය සහ මුලතිව් යන ප‍්‍රදේශවලදී පැවැත්වෙන රැස්වීම් ගණනාවකට සහභාගී වීමට නියමිතව ඇත.

Share this: