වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල නිසි නියාමනයක් නොමැතිකම විශාල ගැටලුවක් බව එම ආයතනය පවසයි.
බොහෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල පවතින අධික ගාස්තු සහ විශ්වසනීයත්වය නොමැතිකම හේතුවෙන් මෙරට කාන්තාවන්ට රැකියාවට යාමට අපහසු වන බවද එම ආයතනය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් කිරීම් සහ කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමු කරමින් එහි නිර්දේශ විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරයේදී අනාවරණය විය.
Share this: