මෙරට අගමැති තීරණය කරන්නේ අපි – රතන හිමි

මෙරට අගමැති තීරණය කරන්නේ අපි – රතන හිමි

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ, අපට වැදගත් සාධකය මහින්ද රාජපක්ෂ ද කියන කාරණය නොව මෙම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා තීරණය බවයි.

“අප ගත යුතු මග” මැයෙන් රැස්වීමක් අද කොළඹදී පැවැති අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.

තවදුරත් උන්වහන්සේ පැවසුවේ, කරුණු කිහිපයක් අපි ඉදිරියේ අභි‍යෝගයට ලක්ව ඇති බව ද මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියට යාමටත්, බාධක ඉවත් කිරීමටත්, බලාපොරොත්තු වන බවයි.

ජාතික හෙළ උරුමය ලෙස ඡන්ද ලක්ෂ 10ක් ගැනීමට හැකි නම් මෙරට අගමැති තීරණය කරන්නේ අපි බවද මෙම අවස්ථාවේදී උන්වහන්සේ කියා සිටියේය.

එබැවින් සන්ධානයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය ගැන ජාතික හෙළ උරුමය ලෙස එය තවදුරටත් සංවාදයකට ලක්කිරීම සුදුසු යැයි තමන් වහන්සේ සිතන බවද රතන හිමියන් පැවසුවේය.

තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කළේ , මෙරට ජනතාව අපට තෙවැනි බලවේගය වන්නැයි ඉල්ලා සිටින්නේ නම් දශමයක්වත් පමා නොවී ඒ සඳහා අඩිතාලම දැමීමට සුදානම් බවද පවත්නා වාතාවරණය යටතේ අවශ්‍ය වුවහොත් සන්ධානය සමග වුවද ඉදිරියේදී ගමනක් යාමට සුදානම් බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පෙරමුණ ශක්තිමත් කර ගැනීමට අස්ථාව ලබාදෙන බවද රතන හිමියන් පැවසු අතර, පැරණි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දැන් වැඩක් නැති බවද එය අලුත් විය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

තවද එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද එක්ව සිටීම කාගේත් කුතුහලයට ලක්විය.

Share this: