මෙක්සිකෝවේ තැබෑරුමක් අසල සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇත.
තැබෑරුමේ කාර්ය මණ්ඩල සේවකයින් සහ කාන්තාවන් 6 දෙනෙකු ද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෙඩිවැදීම හේතුවන් තවත් 3දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සන්නද්ධ කල්ලි අතර පැවැති ආරවුලක් දුරදිග යාම නිසා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙක්සිකෝ ආරක්ෂක අංශ සැක කරයි.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව සදහන් වේ.
Share this: