මුහුදේ ගිලි පාසල් සිසුවෙක් මරුට

මුහුදේ ගිලි පාසල් සිසුවෙක් මරුට

මුහුදේ දිය නාමින් සිටි පාසැල් ශිෂ්‍යයින් දෙදෙනකුගෙන් එක් අයෙකු දියේ ගිළී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙන්නප්පුව, සින්ද්‍රාත්‍රිය මෝය අසළ මෙම දියේ ගිලීම වී ඇතිබව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ බෝලවත්තේ පදිංචි 14 හැවිරිදි ලහිරු සම්පත් නැමැති පාසැල් සිසුවෙකි.

මිතුරන් දෙදෙනා මුහුදේ නාමින් සි‍ටියදි එක් අයෙකු මුහුදේ ගිළී අතුරුදන්වි ඇති බවත්, පසුව ප්‍රදේශවාසින් ජලයේ ගිළී සිටි දරුවා සොයා ගෙන මාරවිල රෝහලට ඇතුළත් කර තිබු බවත් පොලිසිය කියයි.

රෝහලට ඇතුලත් කරන විටත් සිසුවා මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර, සිරුර මාරවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බව සදහන්වේ..

වෙන්නප්පුව මේ පිලිබදව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Share this: