අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු ධීවරයින්ට වෙඩි තබන්නේනම් එය සිදුවන්නේ රටේ නීතියට අනුව වන බවත්, ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඉන්දීය ධිවරයින් මසුන් ඇල්ලීමෙන් වළකින ලෙසත් ය.
ඉන්දියාවේ තන්දි රූපවාහිනිය සමග සම්මුළු සාකච්ඡාවකට එක්වෙමිනි අගමැතිවරයා මේ බව පැවසුවේය.
ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය තුළ යාපනයේ ධීවරයින්ට උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ශ්‍රී ලංකා බලධාරින් උපදෙස් ලබා දී තිබුණි. එම කාලවලදී ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු වල නිරත වූ බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඒ තුළින් යාපනය ධීවරයින්ගේ ආදායම අහිමි වීමකි.
නමුත් මේ වන විට යාපනයේ ධීවයින්ට ඔවුන්ගේ රැකියාව කල හැකි වාතාවරණයක් උදා වී තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට ඉන්දීය ධීවරයින් පැමිණ මසුන් මැරීමේදී නාවික හමුදාව විසින් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරන්නාවු දෙයක් හේතුවෙන් එය නවතා දැමීමට කටයුතු කරනු ලැබේ.
නමුත් කිසිදු අවස්ථාවක නාවික හමුදාව මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් සිදු නොකරන බව ද ඔහු අවධාරණය කරනු ලැබීය.
එසේම කවුරුන් හෝ තම නිවසට අනවසරයෙන් කඩා වැදී ඔහු යම් හෙයකින් මිය ගියහොත් නීතිය උල්ලංඝණය කිරීමක් නොවන්නා සේම නාවික හමුව විසින් වෙඩි තැබීම එලෙසම වන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එබැවින් මෙම ධීවරයින් සම්බන්ධ ගැටළුවේදී තමා දැඩි ස්ථාවරයක සිටින බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත් ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් සෙවිය යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා එය ශ්‍රී ලංකා ධීවරයින්ගේ ආදායමට හානි නොවන අයුරින් සිදුකළ යුතු බවද ඔහු කියා සිටියේය.