මුහුදු කොටි කාන්තා නායිකාව ගැන කඩිනමින් පරීක්‍ෂණ

මුහුදු කොටි කාන්තා නායිකාව ගැන කඩිනමින් පරීක්‍ෂණ

ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගැණුනු එල්.ටි.ටි.ඊ සංවිධානයේ මුහුදු කොටිකාන්තා අංශයේ නායිකාව ලෙස කටයුතු කළ මුරුගේසු පහිරදී නැමැති තැනැත්තියව ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග මත දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කෙරෙන බව පොලිසිය පවසයි.

ඇය පසුගිය (02) දිනක පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය

ඔව්හු ජාත්‍යන්තරයේ රැදීසිටිමින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ප්‍රධාන නායකයෙකු වශයෙන් කටයුතු කරමින් මූල්‍ය පරිපාලනය සිදු කරන ලද සුබ්‍රමනියම් ජයගනේෂන් නොහොත්සාමිරාජ් යන අයගේ බිරිඳ වන වයස අවුරුදු 41වූ මුරුගේසු නම් වේ.

ඇය ලංකාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොටිඨාශයේ නිලධාරින් විසින් විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළින් ප්‍රංශය බලා යාමට පැමිණි අවස්ථාවේදී මෙමතැනැත්තිය ත්‍රස්ත විමර්ශන කොටිඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැණුනි. එහිදී ඇය සමඟ අවුරුදු 08ක් වූ ප්‍රංශ ජාතික දියණිය ද සිටියේය.

ඒ අනුව මෙම සැකකාරියව පැය 72ක රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

මෙම සැකකාරිය 1997සිට 2000වසර දක්වා එල්.ටි.ටි.ඊ සංවිධානයේ මුහුදු කොටිකාන්තා අංශයේ නායිකාව වශයෙන් කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ. 2005වර්ෂයේදි ලංකාවෙන් ප්‍රංශයට පිටව ගොස් ඇත.

නැවත මෙම සැකකාරිය පසුගිය 09වනදින ශ්‍රී ලංකාවට පැමිණ ධර්මපුරම් පරන්තන් ප්‍රදේශයේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වේ.

එසේම ඇයව මේවන විට ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත යටතේ දින 90ක් රඳවා ගනිමින් ප්‍රශ්ණ කිරීම් සිදු කෙරේ. මේ සම්බන්ධ විමර්ශණ කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට සූදානම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම සැකකාරිය සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයමඟින් විමර්ශන කටයුතු සිදු කරගෙන යන අතර සැකකාරියගේ දියණියට ද ඇය සමඟ රැදී සිටීමට අවසර ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මෙම සිද්ධිය ස්ම්බන්ධයෙන් අවශ්‍ය නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත. කෙසේ නමුත් ඊට වඩා වැඩි යමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ප්‍රකාශයට පත් කර නොමැති බවද වාර්තාවේ.

Share this: