මුහුදු කූඩැල්ලන් අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය, කුඩාව – මොහොට්ටුවාරම මාර්ගයේ වෙරළ ප්‍රදේශයේදී මොවුන් සොයාගෙන ඇත.

ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් සිටියදී කල්පිටිය පොලීසිය විසින් අදාළ මුහුදු කූඩැල්ලන් තොගය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කයෙ.

ඒ අනුව සැකකරුවන් සතුව තිබී මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 655ක ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇත.

තවද ඉන්දියාවේ සිට එම මුහුදු කූඩැල්ලන් මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: