මුස්ලිම් කොංග්‍රසයේ සහය කාටදැයි තවමත් තීරණයක් නැතිලු

මුස්ලිම් කොංග්‍රසයේ සහය කාටදැයි තවමත් තීරණයක් නැතිලු

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසන්නේ, ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

ඒ අනුව මහ මැතිවරණයේ දී කුමන පක්ෂයකට සහය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ ද මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් රැස්වු බව සඳහන්ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක සෆීක් රජාබ්දීන් මහතා සඳහන් කළේ, එහිදී ද අවසන් එකඟතාවයකට එළඹීමට නොහැකි වු බවයි.

මෙම තත්ත්වය උද්ගත වීමට බලප ඇති කරුණු නම් වන්නේ, නාමයෝජනා ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති කොන්දේසී ගැටලු සහගත වීමයි.

කෙසේවෙතත් අද දිනයේද මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව සෆීක් රජාබ්දීන් මහතා ප්‍රකාශ කළේය.

Share this: