මුරලි මහ මැතිවරණයට ?

මුරලි මහ මැතිවරණයට ?

එළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින බව සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු තරග වදින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බවයි මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියේ.

තමන් මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බවයි මුරලිදරන් ප්‍රකාශ කර සිටියේ.

වතුකරයේ ජනතාව වෙනුවෙන් තම සහෝදරයා තරගවැදීමට සූදානම්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට ගත් පියවර අගය කළ යුතු බවත් පැවති රජයට හෝ වතුකම්කරුවන් වෙනුවෙන් එවැනි ඍජු තීරණයක් ගැනීමට නොහැකි වු බව ඔහු ප්‍රකාශ කර සිටියා.

Share this: