මුදල් වංචා කළ වරදට අඹුසැමි යුවළක් දැලේ

මුදල් වංචා කළ වරදට අඹුසැමි යුවළක් දැලේ

අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කළ අඹු සැමි යුවළක් කළුතර ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ අදාළ අඹු සැමි යුවළ ප්‍රදේශයෙන් පළා ගොස් සිටිය දී ගණේමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.
සැකකාර පුද්ගලයා සහ කාන්තාව රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 50 හැවිරිදි වියේ පසුවන බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: