මීරිගම, බෝතලේ ඓතිහාසික  ශ්‍රි ගෝඨාභය  විහාරයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ  අභිනව රන් වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

මීරිගම, බෝතලේ ඓතිහාසික ශ්‍රි ගෝඨාභය විහාරයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

මීරිගම, බෝතලේ ඓතිහාසික ශ්‍රි ගෝඨාභය විහාරයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ පැවැත්විණි.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව විහාරාධිපති පූජ්‍ය කඩිගමුවේ ශ්‍රි ප්‍රේමානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

අනතුරුව රන් වැට විවෘත කිරිමේ පුණ්‍යෝත්සවයට එක් විය.

පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

Share this: