මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ සහ උපපොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මීටියාගොඩ, හන්දිය ප්‍රදේශයේ කුරුඳුතෙල් මඩුවක් අසළදී පසුගිය 1 වැනිදා සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ බිරිඳ මියගොස් තිබීන
මෙම අපරාධය සිදුවීමටත් පෙර අදාළ ව්යාපාරිකයාෙග් පුතෙකු විසින් මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ද කර ඇතත්, එම පැමිණිල්ල නිසියාකාරව විභාග නොකළැයි චෝදනා මත අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
පසුගිය පළවැනිදා සවස එසේ ඝාතනයට ලක්වුයේ සුනිල් ශාන්ත මල්ලියාවඩු හා ප්‍රියංගනී මහදුර යන ව්‍යාපාරික යුවළ වේ.
Share this: