මිශ්‍ර අධිකරණයකට අපෙන් ඉඩක් නැ

මිශ්‍ර අධිකරණයකට අපෙන් ඉඩක් නැ

ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසන්නේ, මෙවර සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තමන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරනොගත්තේ වමේ බලපෑම පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බවයි.

තවද, පරාජිත පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවද, එසේ පරාජය වූ අයට මන්ත්‍රීධූරවලට අමතරව උසස් තනතුරුද දී ඇති බව ඒ මහතා පවසයි.

ඒ අනුව සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් පාර්ලිමේන්තු යැවීම ගැන නඩු 3ක් උසාවියට දමා ඇතැයිද ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුහ.

තවද, ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයකට මිශ්‍ර අධිකරණයක් පිහිටුවීමට තමන් තරයේ විරුද්ධ බවද පැවසූ ඒ මහතා දේශීය අධිකරණ යාන්ත්‍රණය ඒ සඳහා සුදුසු යැයි ප්‍රකාශ කල අතර, එජාප දක්ෂිණාංශික ආණ්ඩුවේ ශ්‍රීලනිපය නැට්ටක් ලෙස එල්ලී සිටින බව එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය.

බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.

Share this: