මිලියන 84ක් වටිනා කැනඩාවේ සිට එවූ කුෂ් ගංජා රේගු භාරයට

මිලියන 84ක් වටිනා කැනඩාවේ සිට එවූ කුෂ් ගංජා රේගු භාරයට

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කැනඩාවේ පදිංචි පුද්ගලයෙකු විසින් යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එවන ලද භාණ්ඩ කිහිපයක් අඩංගු ලී පෙට්ටි දෙකක් පරීක්ෂා කිරීමේදී කුෂ් ගංජා කිලෝග්‍රෑම් 12 ක් සොයාගෙන තිබේ.

මෙම ගංජා තොගය පාර්සල් 24ක අසුරා තිබියදී සොයාගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මෙම භාණ්ඩ රේගුවෙන් මුදා හැරීමට භාණ්ඩ හිමිකරු විසින් බලය පවරන ලද වාප්පු ලිපිකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84ක් පමණ වන බවට ගණන් බලා තිබේ.

Share this: