වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවෙන් රුපියල් මිලියන 45ක විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම ශාඛාවේ හිටපු ප්‍රධාන කළමනාකරුවන් සහ මුදල් අයකැමිවරුන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ආණමඩුව මහේස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Share this: