පසුගිය කලබල කාලය තුලදී ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිලිබදව සදහන් කළේය.
නිට්ටඹුවේදී මැයි 09 වනදා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි.
ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
Share this: