මියගිය ප්‍රචාරය අසත්‍යයි – උතුරු කොරියානු නායකයාගේ ඇත්ත හෙළිවෙයි

මියගිය ප්‍රචාරය අසත්‍යයි – උතුරු කොරියානු නායකයාගේ ඇත්ත හෙළිවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සැඟවී සිටින ස්ථානය සිය රට දන්නා බව දකුණු කොරියාව පවසනවා.ක්

දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් වන Kim Yeon-Chul කියා සිටියේ සිය රජය උතුරු කොරියානු නායකයා සැඟවී සිටින ස්ථානය දන්නා බවත් ඔහු මියගිය බවට පළවන ප්‍රචාරයන් අසත්‍ය බවයි.

” උතුරු කොරියානු නායකයාට කිසිදු අසනීප තත්ත්වයක් නැහැ. ඔහු සැඟවී සිටින්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමටයි” උතුරු කොරියාව සම්බන්ධ කටයුතු සඳහා පත් කොට ඇති මෙම දකුණු කොරියානු අමාත්‍යවරයා කියා සිටියා.

ඉකුත් අප්‍රේල් 15 වෙනිදාට යෙදී තිබු උතුරු කොරියානු නායකයාගේ සීයා ගේ උපන්දින සැමරුම සහ එරට ප්‍රධාන පෙලේ රාජ්‍ය උත්සව කිහිපයකට ඔහු කිම් ජොංග් උන් සහභාගී වී නොසිටීම සම්බන්ධයෙන් ලොවපුරා අවධානය යොමු වුවා.

මේ අතර අප්‍රේල් මස 27 වෙනිදා දකුණු අප්‍රිකානු නිදහස් උත්සවය වෙනුවෙන් උතුරු කොරියානු නායකයාගේ අත්සනින් යුතුව සුබ පැතුම් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

Share this: