ලෝකයේ මිනිසුන් වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීමේදී කැනඩාව පළමු ස්ථානයට පත්වේ.
2022 සඳහා වන නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව ඇති අතර ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයට පත්ව ඇත.
ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව සිව්වැනි ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය පස්වැනි ස්ථානයේ පසුවේ.
මිනිසුන් වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 47 වැනි ස්ථානයේ පසුවන අතර චීනය 56 වැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාව 67 වැනි ස්ථානයේ පසුවේ.
මේ අතර, ස්වීඩනය ලෝකයේ ඉහළ ගුණාත්මක ජීවන තත්ත්වය සහිත රටවල් ලැයිස්තුවේ ඉහළින්ම සිටී.
ඩෙන්මාර්කය දෙවන ස්ථානයටත්, කැනඩාව තුන්වන ස්ථානයටත්, ස්විට්සර්ලන්තය සිව්වන ස්ථානයටත්, නෝර්වේ පස්වන ස්ථානයටත් පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඉහළ ගුණාත්මක ජීවන තත්ත්වයක් ඇති රටවල් අතර ඉන්දියාව 38 වැනි ස්ථානය ද බංග්ලාදේශය 55 වැනි ස්ථානය ද ශ්‍රී ලංකාව 63 වැනි ස්ථානයේ ද පසුවේ.