මැරයන්ගේ වැරදුනු කුරුමානම!

මැරයන්ගේ වැරදුනු කුරුමානම!

ඇල්පිිටිය ප්‍රදේශයේදී පිස්තෝලයක් පෙන්වා ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

01/12 වැනිදා පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 30 සහ 39 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

පොලිසිය පැවසුවේ සැකකරුවන් 2022 ජනවාරි 23 වැනිදා ඇල්පිටිය යකදූව ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර යතුරුපැදියකින් පලාගොස් ඇති බවයි.

එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලයක්, පතොරම් 4ක් අඩංගු මැගසිනයක් සහ ජංගම දුරකථන 03ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට අමතරව සැකකරු අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදිය ද කොස්ගොඩ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

Share this: