මැදවච්චියේ රතු මැණික් හොරු!

මැදවච්චියේ රතු මැණික් හොරු!

මැදවච්චිය ප්‍රදේශයේදී පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන රතු මැණික් ගලක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය සාධක බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මැදවච්චිය පොලිස් වසමේ ගුරුකන්දේගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එය සොයා ගත් බව විශේෂ කාර්ය සාධක බලකාය පවසයි.

සැකකරුවන් 41 හැවිරිදි සහ 53 හැවිරිදි බිංගිරිය සහ මණ්ඩාපොල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Share this: