මැතිවරණ සඳහා අපේක්ෂකයින්ට වැඩි මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව රනිල් කියයි!

මැතිවරණ සඳහා අපේක්ෂකයින්ට වැඩි මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව රනිල් කියයි!

මැතිවරණ සඳහා අපේක්ෂකයින්ට වැඩි මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳව තරුණ පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදීය.

ඔවුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ අයවැය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි බවත් ඒ සඳහා කමිටු පත් කළ බවත්ය.

Share this: