මැතිවරණ මෙහෙයුම් සභාපතිත්වය මහින්දට

මැතිවරණ මෙහෙයුම් සභාපතිත්වය මහින්දට

මහජන එක්සත් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස පත්කර ගත් බවයි.

ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව අද(15) පෙරවරුවේ පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියි.

තවද, ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මැතිවරණයේදී පක්ෂග්‍රාහිත්වයකින් තොරව කටයුතු කරන බව ඊයේ දිනයේ නිවේදනය කළේය.

ඒ අනුව එම නිවේදනයත් සමගින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ආකාරය පිළිබඳ වැදගත් තීන්දු තීරණ හදිසියේ ගැනීමට සන්ධාන නායකයින්ට සිදුවිය.

Share this: