මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් 171 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් 171 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණයට අදාළව සිද්ධීන් 77ක්ද, ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 171 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ පැමිණිලි ඒකකයට මෙවර මහ මැතිවරණයට අදාළව පැමිණිලි 549ක් ද පොලිස් මූලස්ථානයේ මැතිවරණ පැමිණිලි ඒකකයට මේ වන විට පැමිණිලි 79ක් ද ලැබී ඇති බව මේ වන විට වාර්තා වී ඇත.

පත්වීම් සහ උසස් වීම් පැමිණිලි සංඛ්‍යාව- 145
පෝස්ටර්, කටඅවුට් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව – 116
රාජ්‍ය දේපල අයථා පරිහරණය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව – 71

:මැතිවරණ දෙපාර්තමේන්තුව

Share this: