පොලිස් මූලස්ථානයේ මැතිවරණ පැමිණිලි ඒකකය පවසන්නේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 69ක් ලැබී ඇති බවයි.
ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 163 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම ඒකකය සඳහන් කළේය.
තවද, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 543ක් ලැබී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ පැමිණිලි ඒකකය සඳහන් කරන අතර, ඉන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පත්වීම් සහ උසස් වීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 145ක් බව සදහන් වේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බව මැතිවරණ පැමිණිලි ඒකකය සඳහන් කළේය.
Share this: