ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන තුනක නියෝජිතයින් සහභාගී වීමට නියමිතව ඇත.
යුරෝපා සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලයීය සංගමය සහ දකුණු ආසියානු නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ඒ සඳහා සහභාගී වීමට නියමිත බව, මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ මෙවර මැතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් 110 දෙනෙකු පමණ සහභාගී වනු ඇති බවයි.
ඒ අනුව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන යුරෝපා සංගමයේ නියෝජිතයින් හෙට දිනයේ සිට දිවයිනට පැමිණීමට නියමිතය.
තවද ඔවුන් ලබන අඟහරුවාදා සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමේ ප්‍රධානත්වය යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයෙකු වන ක්‍රිස්ටියන් ප්‍රෙඩා විසින් දරණු ඇති බව වාර්තා වෙයි.
Share this: