පසුගිය දින දිවයිනට පැමිණි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හෙට සිට සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇත.
තවද මෙවර මහ මැතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් 110 දෙනෙකු පමණ සහබාගි වීමට නියමිතය.
මේ වන විට විදේශීය නිරීක්ෂකයින් 50 කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙන අතර තවත් පිරිසක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිතය.
මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලයීය සංගමය සහ දකුණු ආසියානු නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් දිවයිනට පැමිනේ.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානත්වය යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයෙකු වන ක්‍රිස්ටියන් ප්‍රාඩා විසින් දරනු ලබන අතර, මෙම මාසය අවසන් වන විට ආසියානු මැතිවරණ ජාලයේ නියෝජිතයින් දිවයිනට පැමිණෙනු ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
Share this: