සියළුම පක්ෂ නායකයින් එකගත්වයෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමති වු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවෙ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විධායක ක්‍රමය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යන කාරණා දෙකම එකවර වෙනස් කිරීමට පමණක් කැමැත්ත පල වී ඇති බව ද ඔහු පැවසිය.
ඒ අනුව අද රැස් වු සමස්ත පක්ෂ නායකයින්ගේ එකඟතාවය වුයේ මෙම කාරණා දෙකම ප්‍රමාදයක් නොමැතිව ඉටු කිරීමටය.
තවද මේ සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව සහභාගී වන සර්ව පාක්ෂික හමුවේදී විධායක ක්‍රමය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එකවර සිදු විය යුතු බව දැඩිව ප්‍රකාශ කරන බව ද විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.